රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ඊයේ දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය , දෙමටගොඩ , බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංච් වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන තරුණයන් පිරිසක්.
මොවුන් ඊයේ දින රාත්‍රී 09.50 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් සිය ගමන් මලු 20 ක් තුළ අසුරා ගෙන තිබූ , විදේශීය නිෂ්පාදිත දුම්වැටි අඩංගු දුම්වැටි කාටූන් 2,000 ක තොගයක් සිය භාරයට ගත් බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.