රුපියල් පනස් හත් ලක්ෂයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (13) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කුරුණෑගල, මාවතගම, අඹකොටේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද(13) දින අලුයම 12.30 ට ඩුබායි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 190 ක් සඟවා ගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිට මොහු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා එළඹෙන 18 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













