දඹුල්ල ප්‍රදේශයේ ආපන ශාලාවකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, ඊයේ සැකකරු ආපන ශාලාවේ ඉහළ නිලධාරියෙකු සිය නිවස ආසන්නයට ගෙන්වා මෙම මුදල් ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවට ගත් බවයි.
අදාළ ආපනශාලාවේ සේවකයින් වාර්ෂිකව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු අතර මෙවර එය එම පරීක්ෂණය නොකර සිටීමට සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ඔහු ඊයේ අදාළ ආපන ශාලාව වෙත ගොස් ඇති අතර එහිදී ඇති වූ සැකයක් මත යළි ඔහු නිවස වෙත පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් පසුව ඔහු ආපන ශාලාවේ නිලධාරියෙකු ගෙන්වා මෙම මුදල ලබා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
එම අවස්ථාවේදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.