යාපනය ප්‍රදේශයේ කෝවිලක පැවතී වෙන්දේසියකදී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබෙනවා.
යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පූජා කිරීම සදහා ගෙන ආ සාරියකුයි මෙලෙස රුපියල් ලක්ෂ 16 කට වෙන්දේසි වී ඇත්තේ.
බැතිමතෙකු විසින් කෝවිල සදහා පුජා කිරීමට නියමිතව තිබු මෙම සාරිය වෙන්දේසියේදී ලක්ෂ 16 කට ලබා ගෙන දේව මාතා ප්‍රතිමාවට පුජා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව කෝවිලේ දේව ප්‍රතිමා වේල් පෙරහරකින් වීදි සංචාරය කරවා කෝවිලේ උත්සවය උත්කර්ෂවත් අයුරින් සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කලේ.