රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමක් සහිත යතුරු පැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිරිඋල්ල පොලිසිය කියා සිටියේ අදාළ යතුරු පැදියද සමග සිසුවා අත්අඩංගුවට ගැනුණු බවයි.
දඹදෙණිය කර්මාන්තපුරය මාර්ගයේ නිවසක් ඉදිරිපට නවතා තිබූ යතුරු පැදියක් සොරකම් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය කියා සිටියේ ගිරිඋල්ල මල්ගමුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකාර පාසල් සිසුවා සමග මෙම සොරකමට සම්බන්ධ තවත් අයෙක් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහාද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මේ අතර පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ මෙම සැකකරුවන් මින් පෙර අවස්ථා ගණනාවකදී මෙලෙස යතුරු පැදි සොරකම් කර ඒවා කැබැලිවලට ගලවා කොටස් වශයෙන් අලෙවි කර ඇති බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.