සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් පහක් දිනාගැනීමට සමත් වූ තුරෙයිසාමි විජින්ත් සහ මනිවේල් සත්‍යසීලන් යන ක්‍රීඩකයින් දෙදෙනාට උපහාර පිදීමේ උත්සවයක් කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය විසින් ඊයේ(21) දින හැටන් කුඩාගම ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.
රටවල් 12ක ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවකගේ සහභාගීත්වයෙන් දින තුනක් පුරා පැවැති තරගාවලියේ සිංගප්පූරු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර තිබුණා.
එහිදී තුරෙයිසාමි විජින්ත් (කොත්මලේ පූඩළුඔය ඩන්සිනන් වත්ත) මිටිය විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම සහ කවපෙත්ත විසි කිරීමට සහ මීටර් 5000 තරග ඇවිදීමේ ඉසව්වලින් රිදී පදක්කම් දිනාගැනීමට සමත් විය.
එසේම මන්වේලි සත්‍යසීලන් (රාගල) මීටර් 5000 තරග ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 1500 ධාවන ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනාගැනීමට සමත්වූවා.
එම ක්‍රීඩකයන් දෙදෙනා වතුකරයෙන් බිහි වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු නිසා ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ(21) දින ආපසු තම නිවසට පැමිණෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනා පිළිගැනීමේ උත්සවයක් හැටන් කුඩාගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමයේ ලේකම් සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති ශිව ශ්‍රී වේලු සුරේෂ්වර් ශර්මා පූජකවරයා විසින් සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට වතුකරය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියා.