සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් 05 ක් දිනා ගෙන අද (17) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 12 ක ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 11 දින සිට 13 දින දක්වා සිංගප්පූරු ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර තිබුණා.
එහිදී තුරෙයිසාමි විජින්ත් මිටිය විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමත්, කවපෙත්ත විසි කිරීමේ සහ මීටර් 5,000 ඇවිදීමේ තරග ඉසව්වෙන් රිදී පදක්කම් 02 ක් ද දිනා ගැනීමට සමත් ව තිබෙනවා.
එසේම මනිවේල් සත්‍යශීලන් මීටර් 5,000 ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 1,500 ධාවන ඉසව්වෙන් රිදී පදක්කමත් දිනාගැනීමට සමත්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනා අද (17) දින දහවල් 11.10 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මොවුන්ට අනුග්‍රහය දැක්වූ ආයතන කීපයක නියෝජිතයන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.