නුවරඑළිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධාවනය වන එන්.බී. 8933 දරණ බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල්කර තිබියදී 12 වනදා රාත්‍රීයේ කිසියම් පුද්ගලයෙක් විසින් බස් රථයට ඇතුළු වී බස් රථයේ එන්ජිමේ මූඩිය ගලවා බස් රථයේ එන්ජිම තුළට යූරියා පොහොර බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යයක් දමා ඇති බවට එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් හයිෆොරස්ට් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
රාත්‍රී කාලයේ බස් රථය ගාල් කර උදෑසන බස් රථය ධාවනය කිරීමට ප්‍රථම එන්ජීමේ තෙල් පරීක්‍ෂා කිරීම සඳහා එන්ජිමේ ආවරණය විවෘත කර බැලීමේදී බස් රථයේ එන්ජීමේ මූඩිය ගලවා තිබූ බවත් ඒ අසලා සුදු පාට යූරිය පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යයක් එන්ජිම වටා වැටී තිබූ බව එ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා කරන ලද පැමිණිල්ලේ සඳහ්න කර තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය ඩිපෝවේ ඩිපෝ කළමනාකාරවරයාගෙන් කළ විමසුමකට අනුව ඔහු කියා සිටියේ බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එන්ජිම තුළට යූරියා පොහොර දමා ඇති බව්ත ඒ අනුව බස් රථ පණ නොගන්වා ඇදගෙන නුවරඑළිය ඩිපෝව වෙත රැගෙන විත් එන්ජිම ගලවා පරීක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බවයි.