ලංකා ටී ටෙන් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මීට පෙර එම තරගාවලිය පසුගිය ජූනි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, දේශීය හා ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය පැවැත්වීමට සුදුසු මාසය ලෙස දෙසැම්බර් මාසය තෝරා ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 23 දක්වා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තරගාවලිය පිරිමි හා කාන්තා යන අංශ දෙකෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.
තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන්නේ ටී ටෙන් ස්පෝට්ස් මැනේජ්මන්ට් හා ටී ටෙන් ග්ලෝබල් ස්පොට්ස් මෙන්ම අයි.පී.ජී යන සමාගම් සමග එක්වයි.
තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
එක් කණ්ඩායමක සංචිතයක් සඳහා දේශීය ක්‍රීඩකයින සහ ක්‍රීඩිකාවන් 10 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙකු නම් කළ හැකියි.
උණුසුම් පුවත්
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්
- රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් හදුන්වා දීමට සැලසුමක්
- ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
- අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්













