හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීම පිළිබද තීරණය හෙට පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ.
එහෙත් පවතින විදුලි ඉල්ලුම තවදුරටත් අධ්‍යනය කර අදාළ තීරණය හෙට පෙරවරුවේ දැනුම් දෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ.
කෙසේ වෙතත් නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි ඔවුන් පැවසුවේ.