සිය ශාඛා පද්ධතිය වසා සියලු ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.
අද(29) පස්වරු 12.30න් පසුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට සැලසුම් කර ඇති බවත් දිරිදීමනා කප්පාදු කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් එම සේවක සංගමය පවසනවා.
සිය ඉල්ලීම්වලට නිසි උත්තරයක් ලබා නොදුනහොත් ජුනි මස 6 වැනිදා සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යම කාරක සභික නජිත් විජේරත්න මහතා පවසනවා.
අදාළ ගැටලුව පාදක කර ගනිමින් දිවයිනේ තෝරාගත් ප්‍රධාන නගර කිහිපයක ලංකා බැංකු ශාඛා 22ක් ඉදිරිපිට කෑම පැයේදී විරෝධතාවල සේවකයන් ඊයේ(28) දිනයේදී නිරතවූවා.