ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද පැවැත්වෙනවා.
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මෙහිදී තරග වැදීමට නියමිතයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි.
පළමු අවසන් පුර්ව තරගයේ ජැෆ්නා කණ්ඩායම , ගෝල් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.
එමෙන්ම ක්ලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කරමින් කැන්ඩි කණ්ඩායම අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබුවා.
අද තරගය ජය ගන්නා කණ්ඩායම හෙට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමග හෙට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රිඩා කිරීමට නියමිතයි.