ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයින් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය පෞද්ගලික හෝටලයකදී අද(03) පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී කඳුකර ජනතාවට ඉඩම් අයිතිවාසිකම් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන නිවාස සඳහා ඉඩම් හිමිකම් ලබාගැනීම, ඉන්දීය රජයේ සහාය යටතේ වතුකරයේ පාසල්වල උගන්වන ගුරුවරුන් සඳහා අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය (විද්‍යාවර්ධන) ලබාදීමෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත () යන ක්ෂේත්‍රවල ගුරුවරුන්ගේ දැනුම වැඩි කිරීමට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා විසින් ඉන්දීය රජයට ස්තුති කළ අතර එම ව්‍යාපෘතිය දිගටම කරගෙන යන ලෙසටද මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා.
කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා කරන ඉල්ලීම සම්බන්ධයෙන් නිවාස ව්‍යාපෘති හැකි ඉක්මනින් නිම කිරීමට සහ අතිරේක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට උත්සාහ කරන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.
තවද ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ දික්ඔය ග්ලැන්ගන් මූලික රෝහල සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලැසුමක් ඇති බවත් වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට අදහස් කරන බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැසීය.
ඉන්දීය රජයේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය හරහා ඉතා සුළු කඳුකර සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කර ගන්නා බැවින් ඉදිරියේදී ඉන්දීය රජයේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය කඳුකර සිසුන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයින් ඉන්දීය තානාපති කාර්යලෙයන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කඳුකර කලාප යසඳහා නව ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයක් කඩිනමින් දියත් කෙරෙන අතර මේ හරහා තවත් කඳුකර සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබෙනවා.
මෙහිදී ඉන්දීය තානාපති සන්තෝෂ් ජා කියා සිටියේ ඉන්දියානු රජය කඳුකර කලාප යසඳහා ලබාදී ඇති ව්‍යාපෘති හැකි ඉකිමණින් නිම කිරීමට ඉන්දියාවට අවශ්‍ය බවයි.
ඉන්දියාවේ අහමදාබාද්හි පැවැත්වීමට නියමිත පුහුණු වැඩමුළුවකට සහභාගිවීමට අලුතින් තේරී පත්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට අවස්ථාව ලබාදෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඒස ඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියා.
මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා, සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා, මුදල් ලේකම් මරුදපාණ්ඩි රාමේෂ්වරන් මහතා නියෝජ්‍ය සභාපති පෙරුමාල් රාජදුරෙයි මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන මණ්ඩල සභාපතිවරුන් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් එක්ව සිටියා.