ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන අයාතනවලට බලය පිහිටුවීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයයේ උසස් නිලදාරියෙක් කියා සිටියා.
දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැති බවත් එම සාකච්ඡාව අනුව නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර යන දිස්ත්‍රික්වලට සහ දෙණියාය කොටපොළ ප්‍රාදේශීය සභාව සඳහා බලය පිහිටුවීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා සඳහා තේරී පත්ව සිටින සභිකයන්ගේ සහයෝගය ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.
ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් කිරීමට පියවර නොගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක සභාපති ධුරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබාගැනීමටත් උප සභාපති ධුරය ජාතික ජන බලවේගයට ලබාදීමටත් එකඟතාවය පළ කර තිබෙනවා.
එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභාව හතරකට පත් කරන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නවක අය පත් කිරීම කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමුව ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.
කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී එම පක්ෂයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) පස්වරුවේ පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් සඳහා විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.
එම රැස්වීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සභිකයින් හමුවේ පවසා ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා ලකුණින් පළාත් පාලන ආයතනවලට තරග කර ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති බවත් ඒ අනුව පලාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමග එක්වීමට තීරණය කළ බවයි.
පළාත් පාලන ආයතන හතරක පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයෙකු පත් කරන බවත් එහි උපසභාපති ධුරය ජාතික ජන බලවේගයට ලබාදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රික්ක රැසක පලාත් පාලන අයාතන කිහිපයකම සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් එහි උප සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයට හිමිවන බවත් ඒ අනුව පක්ෂ නායකත්වය විසින් ලබාදෙන උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා අවධාරණය කර තිබෙනවා.
මෙම රැස්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික මරදපාණ්ඩි රමේෂවරම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් සභාගි වී තිබෙනවා.