Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට

    ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.296 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන අයාතනවලට බලය පිහිටුවීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයයේ උසස් නිලදාරියෙක් කියා සිටියා.

    දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැති බවත් එම සාකච්ඡාව අනුව නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර යන දිස්ත්‍රික්වලට සහ දෙණියාය කොටපොළ ප්‍රාදේශීය සභාව සඳහා බලය පිහිටුවීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා සඳහා තේරී පත්ව සිටින සභිකයන්ගේ සහයෝගය ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.

    ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් කිරීමට පියවර නොගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    එම ඉල්ලීම අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක සභාපති ධුරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබාගැනීමටත් උප සභාපති ධුරය ජාතික ජන බලවේගයට ලබාදීමටත් එකඟතාවය පළ කර තිබෙනවා.

    එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභාව හතරකට පත් කරන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නවක අය පත් කිරීම කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමුව ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

    කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී එම පක්ෂයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) පස්වරුවේ පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් සඳහා විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.

    එම රැස්වීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සභිකයින් හමුවේ පවසා ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා ලකුණින් පළාත් පාලන ආයතනවලට තරග කර ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති බවත් ඒ අනුව පලාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමග එක්වීමට තීරණය කළ බවයි.

    පළාත් පාලන ආයතන හතරක පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයෙකු පත් කරන බවත් එහි උපසභාපති ධුරය ජාතික ජන බලවේගයට ලබාදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රික්ක රැසක පලාත් පාලන අයාතන කිහිපයකම සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් එහි උප සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයට හිමිවන බවත් ඒ අනුව පක්ෂ නායකත්වය විසින් ලබාදෙන උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා අවධාරණය කර තිබෙනවා.

    මෙම රැස්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික මරදපාණ්ඩි රමේෂවරම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් සභාගි වී තිබෙනවා.

    පෙර පුව​තප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    ඊළඟ පුව​ත මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group