ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය ඇති බවත්, ඒස ඳහා එම පක්ෂයේ ජාතික සභාව කැඳවන ලෙසඑ ම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කතා කර දැනුම්දී තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ සබාපති ධුරය දරන ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය යෝජනාව පරාජය වීමෙන් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ වත්මන් සභාපති සෙන්දිල් තොණ්ඩමන් සහ පක්ෂයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා අතර දුරකථනය ඔස්සේ බහින් බස්වීමක් සිදුව ඇති බවත් ඉන් අනතුරුව ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යස්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධුර දරන තලවකැලේ ලිඳුල, නුවරඑළිය මහ නගර සභාව, හිඟුරන්කෙත, වලපනේ, කොත්මලේ යන පළාත් පාලන ආයතනවල ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන්ට රජයට ලබාදෙන සහයෝගවලින් ඉවත් වන ලෙසට ලිපි ලබාදෙන ලෙසද ජීවන් තොණ්ඩමන් මහතා ඉල්ලීමක් කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සබාව කැඳවන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා දුරකථනයෙන් දැනුම්දීම් කළද එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළහොත් පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැඳවන බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියා.













