කොටස් එකලස් කර සැකසු ජීප් රථයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද පෙරවරුවේ පොලිසියට භාර වී තිබෙනවා.
ඒ අනුව ඇය පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ භාර වූ බවයි පොලීසිය සදහන් කලේ.
පසුගිය 20 වෙනි දා එම සැක කටයුතු ජීප් රථය පදවාගෙන යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදා හැර තිබුණා.
මෙම සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාද අත්අඩංගුවටට ගෙන ලබන මස පළමුවනදා දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිසියට බාර වූ සැකකාරිගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා .
මේ පිළිබද පරීක්ෂණ සිදු කරනු ලබන්නේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් .
අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.
ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් පුද්ගලයෙකුගේ සහාය ලැබී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.