ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු සදහන් කර ඇත්තේ, පෞද්ගලික හේතුවක් මත මෙම පියවර ගන්නා බවයි.
රොෂාන් මහනාම මහතා 1996 වසරේදී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වනවා.
ඔහු ICC තරග තීරකවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.