අද(24) යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෑම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව පවසන ලදී.
ඉගැන්විය යුත්තේ කුමන විෂයන්ද කියා තෝරා ගැනීම කළ යුත්තේ අධ්‍යාපනඥයන් බව කී ජනාධිපතිවරයා ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව හැදීම බව අවධාරණය කරන ලදී.
දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතු අතර රොබෝවරු වගේ දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.
ආගම්, ඉතිහාසය ආදී ඕනෑම දෙයක් ඉගෙන ගන්නා අතර අවශ්‍ය නම් ඒවායේ පරතෙරට යෑමට නව අධ්‍යාපන ක්‍රමයෙන් ඉඩ ලබා දී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.