මහනුවර සිට හැටන් දක්වා පසුගිය 6 වැනිදා රාත්‍රීයේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට ධාවනය කළ බස් රථයේ දෙකේ ගමන් වාර විමර්ශනයකට යටත්ව අද(08) දින සිට අත්හිටුවීමට මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සී. ප්‍රියංකර මහතා පියවර ගෙන තිබෙනවා.
බස් රථ දෙක මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කරන අයුරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් පසු ඒ පිළිබඳ අවධානය යොමු කළ මධ්‍යම පළාත් මාර්ග ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා එම බස් රථ දෙකේ ගමන්වාර විමර්ශනය අවසන්වන තෙක් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.
බස් රථ දෙකම මහනුවර බස් නැවතුම් පොලේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇති අතර ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදී හමුවීමත් සමග එම බස් රථ දෙකේ රියදුරන් හැටන් බස් නැවතුම්පොළ දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස බස් රථ ධාවනය කරවන අයුරු බස් රථ දෙකේ පසුපස යතුරු පැදියක පසුපස ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
වහා ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කළ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් වෙත දැනුම්දීමෙන් පසු රියදුරන් දෙදෙනා හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් කැඳවා මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ දඩ පත් නිකුත් කර තිබෙනවා.