රේණුක පෙරේරා මහතාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව යළි ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(02) නියෝග කර ඇති බව වාර්තාවනවා.
පැමිණිලිකාර රේණුක පෙරේරා මහතා ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවදියේදී තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බලහත්කාරයෙන් සිරකර තබාගැනීම සම් බන්ධයෙන් රේණුක පෙරේරා මහතා පවරා ඇති නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණා.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.