2025 සැප්තැම්බර් 30 වන දා වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයේ 117% ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගු අමාත්‍යාංශයට හැකිවූ බව එම නිලධාරීන් පවසනවා .
රේගු නිලධාරීන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේ, සැප්තැම්බර් මාසයට අපේක්ෂිත රේගු ආදායම රුපියල් බිලියන 1,485ක් වුවද, රුපියල් බිලියන 1,737ක් මේ වනවිට ලැබී තිබෙනවා.
පසුගිය වසරට සාපේක්ෂව, මෙම වසරේ සෑම මසකම රේගු ආදායම් ඉහළ ගොස් ඇති අතර වැඩිම ආදායම වාහන ආනයනයෙන් ලැබී ඇති බවද සදහන් කරයි. ඔක්තෝබර් 14 වන විට වාහන ආනයනය මඟින් රු බිලියන 587.11ක්, එනම් සමස්ත ආදායමේ 37%ක් ලෙස ලැබී තිබෙනවා .
රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයනවා, රාජසන්තක භාණ්ඩවල විකුණුම් සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගනිමින් පවතිනවා .













