රුපියල් කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය රෙදිපිළි සමඟ සඟවාගෙන පැමිණි බොලිවියානු ජාතික කාන්තාවක් ද කටුනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගැනීමට සමත් වුනා.
බ්‍රසීලයේ සිට ඩුබායි හරහා පැමිණි ඇය 26 හැවිරිදි වියේ පසුවන අතර මෙය ඇයගේ පළමු විදෙස් සංචාරය බවත් රේගු දෙපාර්තමේන්තුව සදහන් කළා .