යුක්‍රේනය සහ රුසියාව අතර එළැඹෙන බදාදා ඉස්තාන්බුල්හිදී නව සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.
තමන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීවරයා සමග සිරකරුවන් හුවමාරුවක් සඳහා වන සූදානම සහ රුසියානු පාර්ශ්වය සමග තුර්කියේදී තවත් රැස්වීමක් පිළිබඳව සාකච්ඡා කළ බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ
ඉස්තාන්බුල්හි පැවැත්වීමට සැලසුම් කර ඇති සාම සාකච්ඡා පිළිබඳව රුසියාව මෙතෙක් නිල වශයෙන් අදහස් දක්වා නැහැ.
තුර්කිය පවසා ඇත්තේ එළැඹෙන බදාදා දින රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉස්තාන්බුල් හී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේදී තවදුරටත් සිරකරුවන් හුවමාරු කර ගැනීම සහ සෙලෙන්ස්කි සහ පුටින් අතර හමුවක් ද සිදුවිය හැකි බවයි.