රුසියානු විදෙස් කටයුතු ඇමති සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළුව රටවල් ඇතුළත් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි ලැව්රෝ පවසන්නේ.
එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවත් එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
එමෙන්ම අපක්ෂපාතී රටක් ලෙස පැවතිය යුතු බවත්, කිසිදු යුදමය කණ්ඩායමක සාමාජිකත්වය නොගත යුතු බවත් එය න්‍යෂ්ටික අවි අත්හළ යුතු බවත් රුසියානු විදෙස් කටයුතු ඇමතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.