Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියාවේ සිවිල් රැකියා සදහා යොමු කරන බව පවසා යුධ සේවයට රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන්

    රුසියාවේ සිවිල් රැකියා සදහා යොමු කරන බව පවසා යුධ සේවයට රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන්

    2024-03-03කියවීමට මිනිත්තු 4ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
     කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු , එරට හමුදා සේවයට බදවා ගැනීමට තැත් කිරීමේ ප්‍රයත්නයක් වළකා ගෙන  , ඉන් මිදී , 03/02 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . ඔවුන් අතර  ගම්පහ , මහනුවර , ගම්පොළ , රුවන්වැල්ල , ගාල්ල , මාතර , අකුරැස්ස යන ප්‍රදේශ වල පදිංචි හාඩ්වෙයාර් වල සේවයේ නිරත පුද්ගලයන් රබර් කිරි කපන පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නිරත වී සිටි පුද්ගලයන් ද සිටියහ .මොවුන් මෙම සිදුවීම නිසා බියට පත් වී සිටි අතර  එක් අයෙකුට රුපියල් දහහත් ලක්ෂ පනස් දහසක පමණ  මුදලක් මෙම ගමන සදහා වැය වී ඇති  බවත්  ඔවුන් එම මුදල් , රැකියා නියෝජිත ආයතනයෙන් ආපසු ලබා ගැනීමට අදහස් කරන බැවින් , ඔවුන් මෙම රුසියානු ගමන පිළිබඳ අත්දැකීම් මාධ්‍ය වෙත පැවසීම , එම මුදල් ආපසු ලබා ගැනීමට බලපෑමක් විය හැකි බව පවසා , කඩිනමින් ගුවන් තොටුපොළෙන් පිට වීමට තැත් කළහ.එහෙත් ගම්පහ , ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකු වන මිලින්ද සේනාධීර මහතා මෙම රුසියානු ගමන පිළිබඳව මෙසේ පැවසීය .මෙම ගමන සදහා  සදහා  තම ඉඩම් , ගෙවල් මෝටර් රථ , ස්වර්ණාභරණ විකුණා මුදල් සොයා ගෙන තිබුණා . රැකියා නියෝජිත ආයතනයට රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසක් දුන්නා . ඊට අමතරව අතේ වියදම් වලට , ඇදුම් පැළදුම් ගන්න තවත් විශාල මුදලක් ද වැය උනා .අපි පෙබරවාරි 09 දින කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව ගොස් එතැනින් තවත්  වෙනත් ගුවන් යානයකින් රුසියාවේ සාන්ත පිට්ස්බර්ග් නුවර වෙත ගියා . එතැනින් කිලෝ මීටර් 40 ක් වැනි දුරකින් පිහිටි මහළ් නිවාසයක අපි සති දෙකක් වගේ කාළයක් හිටියා .ඒ අතරතුර අපි රැකියාවට අවශ්‍ය බැංකු ගිණුම් කාඩ්පත් , ආදායම් බදු ලිපි ලේඛන වැනි ලියකියවිලි සකස් කර ගත්තා.ඉන්පසු එතැන් සිට පැය 36 ක කිලෝ මීටර් 2,500 ක් දුර ගෙවා හමුදා කදවුරකට පැමිණියා . එහි පහසුකම් එතරම් නැහැ . වතුර හිගයි . පට්ට ශීතලයි. එම කදවුර තාවකාලිකව ” පැලට් ” ගසා ඉදි කර තිබූ එකක් . ඒකෙ ශීතල අඩු කරන්න , කදවුර මැද ගිනි මැළයක් ගහල තිබුණා . වැසිකිළි යන්න තිබුණ කාණුවකට ඒ කදවුරේ දී අපිට යුධ අවි පුහුණුවක් ලබා දුන්නා . අපිට එන්නත් තුනක් ද ලබා දුන්නා . ඒවා රෝග බෝවීම වැළැක්වීමට , අවට පරිසරයේ ශීතල බලපෑම අවම කිරීමට සහ ඉක්මනින් තුවාල සුව වීමට බවයි ඔවුන්  පැවසුවේ .
    ඒ කදවුර තුළ දී අපට තවත් ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පමණ  හමු උනා . ඔවුන් ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිත ආයතනය මගින් සහ වෙනත් සම්බන්ධතා මගින් මේ කදවුරට ඇවිත් තිබුණා .  ඔවුන් අපිට කිව්වා  හමුදා සේවයට බදවා ගැනීමට තමයි මේ ගෙනැවිත් තියෙන්නේ . දැන් ඉතිං ගැලවීමක් නැහැ කියල .ඒත් මේ කදවුර තුළ ඉන්දියා , පාකිස්තාන , නේපාල , ඝානාව , ඇමෙරිකානු රටවල කලු ජාතිකයන් මෙන්ම  රොමේනියා හංගීරියා බල්ගේරියාව ඇතුළු බෝල්ටික් රටවල් කීපයකටම අයත්  ජාතිකයන් කැමැත්තෙන්ම මෙහි සේවය සඳහා පැමිණ සිටියා . ඒ අතර රුසියානු – යුක්‍රේන යුධ බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලට කිලෝ මීටර් 400  ක් පසු පසින් සිටින ශ්‍රී ලාංකික යුධ සෙබලෙකු එවා තිබූ හඩ පටයකට සවන් දුන්නා . එහිදී ශ්‍රී ලංකාවේ සිදු වූ යුද්ධයට හාත්පසින්ම වෙනස් යුද්ධයක් මෙහි සිදු කෙරෙන අතර , තාක්ෂණික සහ විද්‍යාත්මක බවින් අනූන යුද්ධයක් මෙහි ක්‍රියාත්මක වන බව පවසා තිබුණා . එහිදී මිය යන හෝ තුවාල ලබන සෙබළුන් බේරා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන අතර තමන්ම තුවාල වුවහොත් , ඉන් බේරී පැමිණ , තුවාල සදහා බෙහෙත් දමා ගැනීම සිදු කර ගත යුතු බව පවසා තිබූණා .
     එසේම මෙම කදවුරේ දී අප යුධ බිමට යාමට පෙර , අපගේ සියලුම ඇදුම් පැළදුම් භාර ගෙන ගිනි තබා විනාශ කරන බවත් , ඒ වෙනුවට යුධ ඇදුම් ලබා දෙන බවත් , එහි සිටි ශ්‍රී ලාංකිකයන් අප හා පැවසුවා . එයින් අප වඩාත් බියට පත් උනා.
    මේ අතර අප මෙම කදවුරට රැගෙන ආ රුසියානු ජාතික හමුදා නිලධාරීවරයාට , පිට්ස්බර්ග් නුවර සිට අපගේ ලියකියවිලි ඇතුළත් ලිපිගොනු රැගෙන ඒමට අතපසු වී තිබූ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්  , අප මෙහි තවදුරටත් රැදී සිටිමින් රැකියා කිරීමට අකමැති බව ප්‍රකාශ කළා .එහිදී ඔවුන් අපගෙන් එසේ අකමැති වීම පිළිබඳව විමසා සිටි අතර , අප තරයේ අකමැති බව ප්‍රකාශ කිරීම නිසා , ඔවුන් අපව ආපසු යැවීමට තීරණය කළා .ඒ අනුව අපි කිලෝ මීටර් 40 කට වැඩි දුරක් පයින් ගමන් කර , අති දුෂ්කර ගමනකින් පසු පිට්ස්බර්ග් නුවර බලා පැමිණෙන දුම්රියට ගොඩ උනා. එම දුම්රිය
    ඉතා සුවපහසු , විධිමත් එකක් . අපගේ සියලුම ලියකියවිලි පරීක්ෂා කර බලා අපට සුවපහසු නිදන මැදිරි ලබා දුන්නා .අපි පෙබරවාරි 26 වෙනිදා  කිලෝ මීටර් 2,500 ක දුර පැය 36 ක් තුළ ගෙවා දමමින් පැමිණ , පිට්ස්බර්ග් නුවර ගුවන් තොටුපොළ වෙත පැමිණියා . ඉන් පසු දින අප පිට්ස්බර්ග් නුවර ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාම සදහා ගුවන් යානය වෙත පිවිසුනා . අපිට ඇගට ලේ ටිකක් ඉනුවෙ පිට්ස්බර්ග් නුවර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පසු කර යෑමෙන් පසුවයි . එතෙක් අපි බියෙන් හිටියෙ . මොකද ඒ ඔවුන්ගේ රට නිසා.අපි 17 දෙනා 03/02 දින පස්වරු 03.45 ට අබුඩාබි නුවර සිට  ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙසේ පැමිණියා .
    පෙර පුව​තඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ප්‍රධානයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි.

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group