යුක්‍රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන යුද්ධයේදී රුසියානු හමුදාවන්ට සහාය ලබා දීම සඳහා යොදවා ඇති හමුදා සෙබළුන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කිරීමට උතුරු කොරියාව සූදානම් වන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අනුව උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක් රුසියානු හමුදාවේ සහායට යෙදවීමයි තීරණය වී ඇත්තේ. යුක්‍රේන යුද්ධයට සහාය දැක්වීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී උතුරු කොරියානු හමුදා භටයින් 11,000 ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් අතුරින් හමුදා සෙබළුන් 4,000 ක් පමණ මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.