බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ පාලම දීර්ඝ කාලයක් පුරා නඩත්තු නොකිරීම කඩා වැටීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.