රුසියානු ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ පළමු දිනයේම ඡන්ද මධ්‍යස්ථානවලට කඩා වැදුණු පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රුසියානු බලධාරීහු පවසනවා.
ඡන්ද පෙට්ටිවලට කොළ පැහැ සායම් වත්කිරීම, පෙට්ටි පාගා දැමීම හා ඡන්ද මධ්‍යස්ථාන තුළ ගිනිකෙළි දැල්වීම වැනි සිදුවීම් ඒ අතර වන බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් ජනාධිපතිවරණ ඡන්දයෙන් පසු ව්ලැඩිමීර් පුටින් තවත් වසර හයක් බලයේ සිටීම නිසැක බවයි වාර්තා වන්නේ.
පුටින්ට අභියෝග කළ හැකි ප්‍රතිවාදියෙකු නොමැති බැවින් ජයග්‍රහණයේ ප්‍රතිඵලය ස්ථිර බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.