රුසියාව, යුක්‍රේනයට නොකඩවා ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ප්‍රහාර මාලාව එල්ල කර තිබෙන්නේ යුක්‍රේනයේ ඔඩෙසා කලාපයටයි.
ප්‍රහාර හේතුවෙන් එම කලාපයේ විශාල විදුලි කප්පාදුවක් සිදුව ඇති අතර කලාපයේ සමුද්‍රීය යටිතල පහසුකම්වලට ද බාධා මතුව තිබෙනවා.
රුසියාව විසින් පසුගිය සතියේ, ඔඩෙසා හි නැගෙනහිරින් පිහිටි පිව්ඩෙනි වරායට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබුණා













