රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන යානා 550ක් සහ මිසයිල ප්‍රහාර 11ක් එල්ල කර ඇති බවයි.
රුසියානු – යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ දුරකථන ඇමතුමින් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා.
යුද්ධය නැවැත්වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීම රුසියානු ජනාධිපති පුටින් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
තවද ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු කියෙව් නගරය පුරා තද දුමාරයක් පැවතිය බවයි.
එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයිද මේ වන විට වාර්තා වී ඇති අතර සිදුවූ මරණ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.