රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13 ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 8.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන තත්ත්වයක් අද ඇළුයම හට ගෙන තිබුණා. රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක් – කම්චැට්ස්කි සිට සැතපුම් 85 ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19 ක් ගැඹුරට සිදුව ඇති බව සඳහන්.
භූ කම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහාද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර, එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබුණේ මීටරයක් දක්වා මුහුදු රළ ඇති විය හැකි බවයි. මීට අමතරව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබුණා.