රුසියා සහ යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ පරිපාලනය සූදානම් වන බව වාර්තා වනවා.
ඉදිරි දිනවලදී රුසියානු සහ යුක්‍රේන රජයන් සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමඟ දුරකතන සංවාදයක් ද සිදු කර තිබෙනවා.
යුද්ධය අවසන් කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් රුසියානු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතයි.
කෙසේවෙතත් සෞදි අරාබියේ පැවැත්වෙන සාකච්ඡා සඳහා ඔහුට ආරාධනා කර නොමැති බවයි යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ.