රුසියාවේ කුලි හමුදාවන් සදහා ශ්රී ලාංකිකයින් යොමු කිරීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 400ක් ඉක්මවා වාර්තා වී තිබෙනවා.
ආරක්ෂක අමාත්යංශය සදහන් කළේ ඊට අදාළ පැමිණිලි 411ක් ලැබී ඇති බවයි.
අදාළ පැමිණිලි ලබා ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්යංශය මගින් විශේෂ ඒකකයක් ද පසුගියදා ස්ථාපිත කර තිබුණා.
මෙරට ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් ද කිසිදු පුහුණුවකින් තොරව රුසියානු හමුදාවට බදවාගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.