රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් හවායි දූපතේ වෙරළාසන්න කලාපවල සිටින ජනතාවට උස් බිම් වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවා.
මීට අමතරව චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදෝරයට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
බටහිර අමෙරිකානු වෙරළතීරයට මෙන්ම අමෙරිකාවට අයත් ගුවාම් සහ මයික්‍රොනීසියාවෙ හි ඇතැම් දූපත්වලට ද සුනාමියෙන් බලපෑම් එල්ලවනු ඇති බවට අපේක්ෂා කරනවා.
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු කම්චැට්කා භූකම්පනය, ඉතිහාසයට එක්වන්නේ ලොව එතෙක් මෙතෙක් බලපෑ හයවැනියට ප්රබලතම භූකම්පනය ලෙසයි.
භූකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13 ක් උස සුනාමි රළක් ඇති වුණා.