රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ දෙදින සංචාරයක් සදහායි
23 වන ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ
ජනාධිපති පුටින් හෙට දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා සිදුකරනු ඇති බවද වාර්තා වනවා.
එහිදී දෙපාර්ශ්වය විසින් වෙළඳාම, ආර්ථිකය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඇතුළු ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතයි
අමෙරිකානු විරෝධය හමුවේ රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වනවා.










