භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද දිනයේ සිදුකරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.