රුපියල් මිලියන හයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව අනුරාධපුර ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ පසුගියදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එහිදී කේරළ ගංජා කිලෝ 29යි ග්‍රෑම් 901ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකටයුතු ලෙස ගමන් ගත් මෝටර් රථයක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි පාර්සල් 15ක අසුරා ප්‍රවාහනය කරමින් තිබූ කෙරළ ගංජා තොගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන හයකට අධික බවයි නාවික හමුදාව නිවේදනය කරන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 19ක් සහ 33ක් පමණ වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ මෝටර් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.