රුපියල් මිලියන 13ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ආවේක්ෂණ රාජකාරී කටයුතුවලදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත්තේ.
මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 15ක් මෙහිදී සොයාගෙන තිබෙනවා.
ඒවායේ තිබි කුෂ් නැමති මත්ද්‍රව්‍ය සමඟ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය සදහන් කළා.
ජර්මනියේ සිට එවා ඇති මෙම පාර්සල් මෙරට ව්‍යාජ ලිපිනියන්ට එවා ඇති බවයි මුලීක විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.













