රුපියල් මිලියන පහළොවකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව කියා සිටියේ යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 700ක් පමණ සොයාගත් බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනය විසින් යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙනවා.
එහිදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උරයක් නිරීක්‍ෂණය කර එය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී එම උරය තුළ අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 700ක් පමණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව එලෙස ජාවාරම්කරුවන් විසින් මුහුදේ දමා යන්නට ඇති බවයි.
එලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන පහලොවකට (15) අධික වෙතැයි විශ්වාස විශ්වාස කරන බවයි නාවික හමුදාව පවසන්නේ.
නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.