රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වත්තල, බංගලාවත්ත ප්‍රදේශ සිදු කරන ලද වැටලීමකදියි.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන, අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.
වැටලීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 309කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුවන් විසින් කුලියට ගත් නිවසක කාමරයක සඟවා තිබියදී මෙම ගංජා තොගය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් දෙදෙනා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 සහ 49ක් වන දෙදෙනෙකි.
පොලිසිය කියා සිටියේ සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.