එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මොරොන්තුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්.
මෙම අනතුර සිදුව ඇත්තේ පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් බවයි පොලිසිය සදහන් කලේ .












