ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ එම දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි සහ වර්තමානයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් යම් අනීතික ක්‍රියාවක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා ලෙසට දන්වමිනි.
රිදියගම සෆාරි උද්‍යානය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැමිණිල්ලෙන් පෙන්වා දනේනේ.
මෙම කරුණු සම්බන්ධයෙන්ද විමර්ශනයක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට දැනුම්දී තිබෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.