රැකබලා ගැනීමට නොහැකි දරුවන් සදහා ආරක්ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරිමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
එම මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලා ගැනීම සදහා කටයුතු කරන බවද ඇය සදහන් කළා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළේ අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරිම සදහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.