රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව සලසා දීම සදහායි.
ඒ අනුව පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු මස 21 දක්වා යාඥා සහ ආගමික කටයුතු සඳහා අවස්ථාව ලබා දෙන ලෙසයි සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ.
එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම එම නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩ මුර සකස් කර දිය යුතු බවද එම චක්‍රලේඛයේ සදහන්
තවද නොවැලැක්විය හැකි අවස්ථාවල විශේෂ නිවාඩු අනුමත කළ යුතු බවද එහි සදහන් වනවා.
එමෙන්ම රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබා දිය යුතු බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.










