රාජාංගනය සහ කන්තලේ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඒ අනුව රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් මේ වන විට විවෘත කර ඇති අතර කන්තලේ ජලාශයේ වාන් දොරටු දහයෙන් හයක් විවෘත කර තිබෙනවා.
රාජාංගනය ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු 6න් හතරක් අඩි 4 බැගින් සහ වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා.
එමගින් තත්ත්පයට ඝන අඩි පනස් දහසකට අධික ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවයි ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවන් පවසන්නේ.













