පවතින අධික වැසි තත්ත්වය හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක්ද අංගම ජලාශයේ වාන් දොරටු දෙක්කද විවෘත කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අධික වැසි හමුවේ එම ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව රාජාංගණය ජලාශයේ වාන් දොරටු දෙක්ක අඟල බැගින්ද අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක්ක අඟල් 3 බැගින්ද විවෘත කර ඇති බවයි වාර්මාර්ග අද්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා කියා සිටියේ.
රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 520ක ජල ප්‍රමාණයක්ද අංගමුව ජලාශයෙන් තත්පරයට ඝන අඩි 1790ක ජල ප්‍රමාණයක්ද මුදාහැරෙන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල සහ බෝඹුරු ඇල්ල ජලාශයන්ද මොනරාගල දිස්ත්‍රික්කයේ සුගලාදේවි ජලාශයද හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව ජලාශයද සුළු වශයෙන් වාන් දමමින් පවතින බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා කියා සිටියා.