රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක් සකස් කර රාජ්‍ය පරිපාලනල පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහාල රාජ්‍ය පරිපාලනල පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අවධානය යොමුකර තිබෙනවා.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ අදහස් පලවුණා.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ, මෙලෙස රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව හමුවී සාකච්ඡා පවත්වා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගත් බවත් එහිදී ඔවුන්ගේ සේවාවන්හි පවතින ගැටලු හා වැටුප් විෂමතාවන් පිළිබඳව පුළුල්ව අවබෝධයක් ලබා ගත් බවයි.











