උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට රුපියල් හාර දහසකට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් නිකත් කර ඇති බවයි වාර්තා වන්නේ.
උත්සව සමය වෙනුවෙන් සෑම වසරකම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙලෙස අත්තිකාරම් මුදල් ලබාදීම සිදුවන අතර රුපියල් හාර දසකට නොවැඩි මෙම අත්තිකාරම් ගෙවීම සෑම වර්ෂයකම ජනවාරි මස පළමුවන දිනෙන් ආරම්භ කර එම වාර්ෂයේ පෙබරවාරි මස අවසාන දිනෙන් අවසන් කටයුතු වනවා.
සියයට 8ක වාර්ෂික පොලියක් සහිතව සමාන මාසික කොටස් දහයකින් මෙම අත්තිකාරම් මුදල අය කර ගත යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් බවයි වාර්තා වන්නේ.













