මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන පිණ්ඩපාත චාරිකාව අද උදෑසන නුවරඑළිය නගරයේදී පැවැත්වුණා.
නුවරඑළිය නගර මධ්‍යයෙන් ආරම්භ කළ පිණ්ඩපාත චාරිකාව නුවරඑළියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසලින් අවසන් කළා.
එළැඹෙන 10 සිට 16 දින දක්වා නුවරඑළිය නගරය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙනවා.
එහි පළමු වැඩසටහන වශයෙන් මෙම පිණ්ඩපාත චාරිකාව පැවැත්වුණා. මෙම පිණ්ඩපාත චාරිකා වැඩසටහන පැවැත්වුණේ සමස්ත ලංකා සාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ නිර්මාතෘ හා ගරු මහලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ නුවරඑළිය දිස්ත්‍රික් සභාපති පූජ්‍ය දඹගොල්ලේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු තායිලන්ත ශ්‍රී ලංකා භික්ෂුන් වහන්සේලා එම අවස්ථාවට වැඩම කළා.