රාජ්‍ය වෙසක් උත්සවය එළඹෙන 12 වන සදුදා නුවරඑලිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාණයාධිකාරී එන් ජේ ඉදිපොළfරැග් මහතා සදහන් කළේ.
ඒ අනුව එම දුම්රිය සේවාව හෙට දින සිට මැයි මස 13 දක්වා ක්‍රියාත්මක වනු ඇති.
වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ රාත්‍රී දුම්රිය ගමන් වාර කිහිපයක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට එළඹෙන 13 වන අගහරුවාදා දක්වා මෙම දුම්රිය සේවාව කොළඹ කොටුවේන් රාත්‍රී 7.00 ට ගමන් අරඹනු ඇති.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා වෙසක් පොහොය වෙනුවෙන් උදෑසන දුම්රිය ගමන් වාරයක්ද සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව මැයි මස 10 වන සෙනසුරාදා සිට මැයි මස 12 වන සදුදා දක්වා කොළඹ කොටුවෙන් උදෑසන 8.55 ට එම දුම්රිය බදුල්ල බලා ධාවනය වනු ඇති.
බදුල්ල සිට වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂිත උදෑසන දුම්රිය සේවාවක් මැයි මස 11 වන ඉරිදා සිට මැයි මස 13 වන අගහරුවාදා දක්වා සිදු කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
ඒ අනුව එම දුම්රිය බදුල්ලෙන් පෙරවරු 7.05 ට කොළඹ කොටුව බලා ධාවනය වනු ඇති..
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














