රාජ්‍ය වෙසක් උත්සවය එළඹෙන 12 වන සදුදා නුවරඑලිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාණයාධිකාරී එන් ජේ ඉදිපොළfරැග් මහතා සදහන් කළේ.
ඒ අනුව එම දුම්රිය සේවාව හෙට දින සිට මැයි මස 13 දක්වා ක්‍රියාත්මක වනු ඇති.
වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ රාත්‍රී දුම්රිය ගමන් වාර කිහිපයක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට එළඹෙන 13 වන අගහරුවාදා දක්වා මෙම දුම්රිය සේවාව කොළඹ කොටුවේන් රාත්‍රී 7.00 ට ගමන් අරඹනු ඇති.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා වෙසක් පොහොය වෙනුවෙන් උදෑසන දුම්රිය ගමන් වාරයක්ද සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව මැයි මස 10 වන සෙනසුරාදා සිට මැයි මස 12 වන සදුදා දක්වා කොළඹ කොටුවෙන් උදෑසන 8.55 ට එම දුම්රිය බදුල්ල බලා ධාවනය වනු ඇති.
බදුල්ල සිට වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂිත උදෑසන දුම්රිය සේවාවක් මැයි මස 11 වන ඉරිදා සිට මැයි මස 13 වන අගහරුවාදා දක්වා සිදු කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
ඒ අනුව එම දුම්රිය බදුල්ලෙන් පෙරවරු 7.05 ට කොළඹ කොටුව බලා ධාවනය වනු ඇති..
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










